Skip to main content

Posts

Showing posts with the label Lotteries

Things you should know before purchase a lottery. ටිකට් පතක් මිලදී ගැනීමට පෙර ඔබ දැනගතයුතු කරුණු.

ඔබ දැනටමත් ටිකට් පත් මිලදී ගන්නා කෙනෙකු විය හැක. නො එසේනම් ටිකට් පත්වල සත්‍ය අසත්‍ය තාව සොයනා කෙනෙකු විය හැක. මේ ඔබ සදහා වටිනා කියවීමක් වීම මගේ අරමුණයි. ටිකට් මිලදීගැනීම යනු සූදුවකි. නිත්‍යානුකූල සූදුවකි. සූදුවකට ඇබ්ඹැහි වීම නුවණට හුරු කටයුත්තක් නොවේ. නමුත් ඔබ දෛනිකව ටිකට්පත් මිලදී ගන්නා කෙනෙකු නම් මේ අදහස් දැක්වීම ඔබට ටිකට් පතක් මිලදී ගැනීමට පහසුවක් වනු ඇත. ශ්‍රී ලංකාව තුල ප්‍රධාන වශයෙන් ටිකට් පත් වර්ග 3ක් තිබේ. 1. දිනුම් අදින ටිකට් පත් 2. ක්ෂනික(සූරන ) දිනුම් ඇති ලොතරැයි පත් 3. ලොටෝ වර්ගයේ ටිකට් පත්. ප්‍රථමයෙන් දිනුම් අදින ලොතරැයිපත් සාකච්ඡා කරමු. දිනුම් අදින ලොතරැයි පත්ද ප්‍රදාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. 1. කුඩා ජයමලු සහිත ලොතරැයිපත්.     කුඩා ජයමලු සහිත ලොතරැයි පත් යනු ලොතරැයි පතක් ජයග්‍රහනය කිරීමේ සම්භාවිතාව වැඩි ලොතරැයි පත් වේ. මේ සදහා බොහෝ විට දිනුම් අදිනු ලබන පන්දු සංඛ්‍යාව මූලිකවම බලපානු ලැබේ. ඔබ දන්නා ආකාරයට අංක 10කින් අංකයක් තෝරාගැනීමේ හැකියාවට වඩා අංක 5කින් අංකයක් තොරාගැනීමේ හැකියාව වැඩිවේ. ලොතරැයි පත් දිනුම් ඇදීමේදී ඍජුවම මෙය බලපායි. උදාහරණයක...